ශ්‍රී ලංකාව ලකුණු 125 ක් පසු පසින්

(ෂෙනික ගමගේ) සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 219 ක ඉලක්කය හඹායන ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 94 ක් රැස්කර සිටියේය. තෙවැනි දිනය වූ අද (8) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් ක්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා පිල කඩුලු 9 ක් අතැතිව ජයග්‍රහණයට තවත් ලකුණු 125 ක් පසු පසින් සිටියි. තෙවැනි දිනයට ක්‍රීඩාව අවසන් කරන විට පැතුම් නිස්සංක (නොදැවී 53) සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 30) පන්දුවට පහර දෙමින් සිටියහ. හෙට (9) තරගයේ සිවුවැනි දිනයයි. එංගලන්ත පිල පළමු ඉනිම සියලු දෙනා දැවී 325 (බෙන් ඩකට් 86, ඔලී පෝප් 154, විශ්ව ප්‍රනාන්දු 46/2, ළහිරු කුමාර 97/2, මිලාන් රත්නායක 56/3, ධනංජය ද සිල්වා 18/2) ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සියලු දෙනා දැවී 263 (පැතුම් නිස්සංක 64, ධනංජය ද සිල්වා 69, කමිඳු මෙන්ඩිස් 64, ක්‍රිස් වෝක්ස් 42/2, ජොෂ් හූල් 53/3, ඔලි ස්ටොනි 35/3) එංගලන්ත පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 156 (ඩැනියල් ලෝරන්ස් 35, ජැමී ස්මිත් 67, අසිත ප්‍රනාන්දු 49/2, ළහිරු කුමාර 21/4, විශ්ව ප්‍රනාන්දු 40/3) ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම කඩුලු 1 ට 94 (පැතුම් නිස්සංක නොදැවී 53, කුසල් මෙන්ඩිස් නොදැවී 30)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.