ක්‍රීඩා
ශ්‍රී ලංකාව ලකුණු 202 ක් ඉදිරියෙන්
(ෂෙනික ගමගේ)
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (20) පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 237 ක් රැස්කර සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකා පිල කඩුලු 6 ක් අතැතිව ලකුණු 202 ක් ඉදිරියෙන් සිටියේය.
තෙවැනි දිනයේ ක්‍රීඩාව අත්හිටුවන විට ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 34) සහ නායක ධනංජය ද සිල්වා (නොදැවී 34 ) පන්දුවට පහර දෙමින් සිටියහ.
දෙවැනි දිනය වූ ඊයේ (19) ක්‍රීඩාව අවසන් කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 255 ක් රැස්කර සිටි නවසීලන්ත පිල ලකුණු 340 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. නවසීලන්ත පිල පළමු ඉනිමේදී ලකුණු 35 ක වාසියක් පමණක් ලැබීය.
ජනාධිපතිවරණය හේතුවෙන් අද (21) තරගයේ විවේක දිනයයි.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 91.5 කදී සියලු දෙනා දැවී 305
(පැතුම් නිස්සංක 27, දිනේෂ් චන්දිමාල් 30, ඇන්ජලෝ මැතිව්ස් 36, කමිඳු මෙන්ඩිස් 114, කුසල් මෙන්ඩිස් 50, විලියම් ඕරූක් 55/5, අජාස් පටෙල් 60/2, ග්ලේන් පිලිපප්ස් 52/2)
නවසීලන්ත පිල පළමු ඉනිම ඕවර 90.5 කදී සියලු දෙනා දැවී 340
(ටොම් ලෙතම් 70, කේන් විලියම්සන් 55, රවීන් රවින්ද්‍ර 39, ඩැරිල් මිචෙල් 57, ටොම් බ්ලන්ඩල් 25, ග්ලේන් පිලිප්ස් නොදැවී 49, ධනංජය ද සිල්වා 31/2, රමේෂ් මෙන්ඩිස් 101/3, ප්‍රභාත් ජයසූරිය 136/4)
ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම ඕවර 72 කදී කඩුලු 4 ට 237
(දිමුත් කරුණාරත්න 83, දිනේෂ් චන්දිමාල් 61, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 34, ධනංජය සිල්වා නොදැවී 34, විලියම් ඕරූක් 37/3)


