ශ්‍රී ලංකාව ලකුණු 63 කින් නවසීලන්තය පරාජය කරයි

(ෂෙනික ගමගේ) ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා පිල ලකුණු 63 කින් ජය ලැබීමට අද (23) සමත් විය. ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයත් සමඟ තරග දෙකකින් සමන්විත තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණ ගත්තේය. ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නවසීලන්ත දෙවැනි ඉනිම ලකුණු 211 කට සීමා කිරීමට අද පෙරවරුවේ සමත් වූහ. වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය ඉනිම දෙකේදී කඩුලු 9 ක් දවාගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (22) පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට නවසීලන්ත පිල කඩුලු 8 ක් දැවී ලකුණු 207 ක් රැස්කර සිටි අතර නවසීලන්තය අද රැස්කළේ ලකුණු 4 ක් පමණි. ලකුණු පුවරුව ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 91.5 කදී සියලු දෙනා දැවී 305 (පැතුම් නිස්සංක 27, දිනේෂ් චන්දිමාල් 30, ඇන්ජලෝ මැතිව්ස් 36, කමිඳු මෙන්ඩිස් 114, කුසල් මෙන්ඩිස් 50, විලියම් ඕරූක් 55/5, අජාස් පටෙල් 60/2, ග්ලේන් පිලිපප්ස් 52/2) නවසීලන්ත පිල පළමු ඉනිම ඕවර 90.5 කදී සියලු දෙනා දැවී 340 (ටොම් ලෙතම් 70, කේන් විලියම්සන් 55, රවීන් රවින්ද්‍ර 39, ඩැරිල් මිචෙල් 57, ටොම් බ්ලන්ඩල් 25, ග්ලේන් පිලිප්ස් නොදැවී 49, ධනංජය ද සිල්වා 31/2, රමේෂ් මෙන්ඩිස් 101/3, ප්‍රභාත් ජයසූරිය 136/4) ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම ඕවර 94.2 කදී සියලු දෙනා දැවී 309 (දිමුත් කරුණාරත්න 83, දිනේෂ් චන්දිමාල් 61, ඇන්ජලෝ මැතිව්ස් 50, ධනංජය සිල්වා 40, කුසල් මෙන්ඩිස් 23, විලියම් ඕරූක් 49/3, අජාස් පටෙල් 90/6) නවසීලන්ත පිල දෙවැනි ඉනිම ඕවර 71.4 කදී සියලු දෙනා දැවී 211 (ටොම් ලෙතම් 28, කේන් විලියම්සන් 30, රවීන් රවින්ද්‍ර නොදැවී 91, ටොම් බ්ලන්ඩල් 30, රමේෂ් මෙන්ඩිස් 83/3, ප්‍රභාත් ජයසූරිය 68/5)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.