දේශීය පුවත්, ප්රධාන පුවත, වාණිජ විත්ති
ඉන්ධන වර්ග 4 ක මිල බස්සයි
(සාලිය සමන්)
ඉන්ධන වර්ග හතරක මිල අද (30) මධ්යම රාත්රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
ඔක්ටේන් 92 පෙට්රල්, ලංකා සුදු ඩීසල්, ලංකා සුපිරි ඩීසල් සහ භූමිතෙල් මිල එසේ පහත දැමූ බවත් ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 21 කින්, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24 කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 33 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19 කින් පහළ දැමූ බවත් එම සංස්ථාව නිවේදනය කරයි.
ඔක්ටේන් 95 පෙට්රල් මිල සංශෝධනය නොකළ බව ද එම සංස්ථාව පවසයි.
ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 311 ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 283 ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 319 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 183 ක් බවට පත්වූ බව නිවේදනය කළ ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 377 ක තව දුරටත් පවතින බව ද වැඩි දුරටත් සඳහන් කළේය.


