ක්රීඩා
ශ්රී ලංකාව 2-1කින් කොදෙව් පරාජය කරයි
(ෂෙවෝන් ප්රනාන්දු, රංගිරි දඹුල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ සිට..)
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ලැබීමට අද (17) සමත් විය.
රංගිරි දඹුල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී අද රාත්රී පැවැති තුන්වැනි සහ අවසන් තරගාවලියෙන් ශ්රී ලංකා ක්රීඩකයෝ කඩුලු 9 ක ජයක් ලැබීමට සමත් වූහ.
ශ්රී ලංකා ලකුණු 163 ක ඉලක්කය ඕවර 18 කදී කඩුලු කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
කුසල් මෙන්ඩිස් (නොදැවී 68) සහ කුසල් පෙරේරා (නොදැවී 55) දෙවැනි කඩුල්ලට ලකුණු 106 ක නොබිදුණු සම්බන්ධතාවක් පැවැත්වූහ.
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 20 කදී කඩුලු 8 ට 162
(බ්රෙන්ඩන් කිං 23, ශායි හෝප් 18, රෝමන් පවෙල් 37, ගුඩකේෂ් මෝටි 32, රොමාරියෝ ෂෙපර්ඩ් 18, මහීෂ් තීක්ෂණ 19/2, වනිඳු හසරංග 24/2)
ශ්රී ලංකා පිල ඕවර 18 කදී කඩුලු 1 ට 166
(පැතුම් නිස්සංක 39, කුසල් මෙන්ඩිස් නොදැවී 68, කුසල් පෙරේරා නොදැවී 55)


