ක්‍රීඩා
ඕස්ට්‍රේලියාව – දකුණු අප්‍රිකාව නවසීලන්තය – කොදෙව් අවසන් පූර්ව සටනට එයි
(ෂෙවෝන් ප්‍රනාන්දු)
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් සුදුසුකම් ලබාගත්තේය.
ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු අවසන් පූර්ව තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (17) ද, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර දෙවැනි අවසන් පූර්ව තරගය සාජා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී බලන 18 වැනිදා ද, පැවැත්වීමට නියමිතය.
අවසන් මහා තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන 20 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.


