(සාලිය සමන්) පොල් හිඟයට පිළියමක් ලෙස පොල් ගෙඩි කෝටි 20 කට සමාන පොල් කිරි, පිටි සහ සීතකළ පොල් මද ලෙස ආනයන කිරීමට තීරණය කළ බවත් වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යංශය පැවසයි. එම පොල් ප්රති අපනයනය කරන සඳහා පමණක් ආනයන කරන බව ද එම අමාත්යාංශ කීය. අපනයන කර්මාන්ත සඳහා වර්තමානයේ පවතින පොල් අස්වැන්න අප්රේල් මස දක්වා ප්රමාණවත් නොවීම නිසා කර්මාන්ත රැකගැනීමට මෙම තීරණය ගත් බවත් දේශීය පොල් තෙල් කර්මාන්ත සඳහා කොප්පරා නොවන වියලි හෝ කැබලි කළ පොල් කැබලි ආනයනය කිරීමට ද කටයුතු කරමින් සිටින බවත් එම අමාත්යංශය වැඩිදුරටත් සඳහන් කළේය.


