සුපිරි ඩීසල් මිල නගී

(ඔගස්ටා පෙරේරා) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 18 කින් ඉහළ දැමූ බව එම සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. නව මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ඛනිජ සංස්ථාවව පැවසීය. රුපියල් 313 ක පැවැති ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 331 ක් දක්වා ඉහළ ගිය දැමූ බව ද එම සංස්ථාව සදහන් කරයි. පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ඇතුළු සෙසු ඉන්ධනවල මිල පැවති මිලේම පවතින බවත් ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.