පොලිස් ලොක්කන් 16 ක් මාරු

(සාලිය සමන්) ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරු 12 ක් සහ පොලිස් පරීක්‍ෂකවරු 4 ක් ස්ථානමාරුවීම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ඊයේ (23) පැවසීය. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි එම නිලධාරීන් 16 ට වාහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් සහ පත්කිරීම් ලැබුණු බව ද මනතුංග මහතා කීය. චීන වරාය, යක්කලමුල්ල, නෙදුන්කර්නී, දිඹුලපතන, සිදම්බරපුරම්, නල්ලතන්නිය, මානිප්පායි, කහටගස්දිගිලිය, මහව, පොල්පිතිගම, අඩම්පන්, කල්පිටිය, රිදීගම සහ මීගහවත්ත යන පොලිස් ස්ථානවල මෙතෙක් ස්ථානාධිපතිවරු ලෙස කටයුතු කළ නිලධාරීන්ට සහ අනුරාධපුර, නිකවැරටිය, මහනුවර, කැළණිය සහ වෛද්‍ය සේවා යන කොට්ඨාසවලට නිලධාරීන්ට මෙසේ මාරුවීම් සහ පත්වීම් ලැබුණු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.