(සාලිය සමන්)
දික්ඕවිට වරායට අද (28) පෙරවරුවේ රැගෙන ආ බහුදින ධීවර යාත්රා දෙකේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 600 කට වැඩි ප්රමාණයක් සොයාගත් බව නාවික හමුදාව සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් මත්ද්රව්ය තොගයෙහි නිශ්චිත බර මේ වනවිට ගණනය කරමින් සිටින බවත් එම මත්ද්රව්ය තොගය, සැකකරුවන් සහ බහුදින ධීවර යාත්රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතව බවත් නාවික හමුදාව සඳහන් කළේය.
එම බහුදින ධීවර යාත්රා දික්ඕවිට වරායට රැගෙනවිත් පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව කළ වැඩිදුර පරීක්ෂාවේදී ප්රවාහනය කරමින් තිබූ මත්ද්රව්ය හෙරොයින් සහ අයිස් බවට තහවුරු වූ බවත් මේ දක්වා කළ පරීක්ෂණවලින් එහි මත්ද්රව්ය ආසන්න වශයෙන් කිලෝග්රෑම් 600 කට වඩා වැඩි ප්රමාණයක් ඇති බවට තහවුරු වූ බවත් නාවික හමුදාව කීය.
එම බහුදින ධීවර යාත්රා දෙක සමඟ සැකකරුවන් 11ක් නාවික හමුදාව කළ එකාබද්ධ මෙහෙයුමකින් නීතියේ රැහැනට හසුකරගත් බවත් ශ්රී ලංකා නාවික හමුදාව, රාජ්ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය සහ කලාපීය මෙහෙයුම් සම්බන්ධීකරන මධ්යස්ථානය එක්ව මෙම විශේෂ එකාබද්ධ මෙහෙයුම කළ බවත් නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය.
Post Views: 202