බැංගලෝර් – පන්ජාබ් අවසන් සටන අද

(ෂෙවෝන් ප්‍රනාන්දු) ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ (2025) අවසන් මහ තරගය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සහ පන්ජාබ් කිංග්ස් පිල අතර අහමදාබාද්හිදී අද (3) පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතය. පළමු වටයේදී ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සුදුසුකම ලැබීමේ පළමු තරගයේදී පළමු වටයේ පළමු ස්ථානය ලැබූ පන්ජාබ් කිංග්ස් පිල පහසුවෙන් පරාජය කිරීම කැපී පෙණුනි. පන්ජාබ් කිංග්ස් පිල එම පරාජයෙන් පසුව ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් පිල පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.