ඉන්දීය ගුවන් යානයක් කඩාවැටී පුද්ගලයන් 242 ක් මරුට

(ෂෙරීන් අල්විස්) ඉන්දියාවේ අහ්මදාබාද් සිට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පියාසර කිරීමට ගුවන්ගත වූ ඉන්දීය මගී ගුවන් යානයක් අද (12) දහවල් කඩාවැටීමෙන් එහි සිටි මගීන් ඇතුළු පුද්ගලයන් 242 ක් මරණයට පත්ව ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. ‘එයාර් ඉන්දියා’ ගුවන් සමාගමට අයත් එම ගුවන් යානය අහ්මදාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන්ගතකර මිනිත්තු කීපයකින් පසු කඩා වැටුණු බව ද විදෙස් මාධ්‍ය කියයි. කඩා වැටුණු යානය පිපිරී ගිනිගත් බවත් යානයේ ගින්න නිවා දැමීමට ගිනි නිවන රථ 10 ක් පමණ යොදවා තිබූ බවත් විදේශ මාධ්‍ය වැඩි දුරටත් කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.