දේශීය පුවත්
රිලවු ලක්‍ෂ 50 ක් රටපුරා
(ඔගස්ටා පෙරේරා)
ගොවිබිම් සහ ගෙවතු ආශිතව රිලවුන් ලක්‍ෂ 51 කට (මිලියන 5.17) අධික සංඛ්‍යාවක් සහ වඳුරන් ලක්‍ෂ 17 කට (මිලියන 1.74) ආසන්න සංඛ්‍යාවක් සිටින බව කෘෂිකර්ම අමාත්‍යංශය අද (12) නිවේදනය කළේය.
දඬුලේනන් මිලියන 2.66 ක් හෙවත් ලක්‍ෂ 30 කට ආසන්න සංඛ්‍යාවක් සහ මොණරුන් මිලියන 4.24 ක් හෙවත් ලක්‍ෂ 40 කට අධික සංඛ්‍යාවක් සිටින බවත් එම අමාත්‍යංශය කීය.
එම අමාත්‍යංශය පසුගිය මාර්තු මස 5 වැනිදා කළ සත්ව සංගණනයේ වාර්තාව එළි දක්වමින් එම අමාත්‍යංශය මෙම තොරතුරු හෙළි කළේය.


