දේශීය පුවත්
කෑන් – බූලිවලට ඉන්ධන දෙන්න එපා කියලා
(සාලිය සමන්)
ඉන්ධන කෑන් සහ බූලිවලට නිකුත් නොකරන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඕයිල් සමාගම (අයි.ඕ.සී.) ඉන්ධන පිරවුම්හල්වලට ලිඛිතව දැනුම්දී ඇතැයි ඉන්ධන පිරවුම්හල්හිමියෝ පැවසූහ.
මැදපෙරදිග කළාපයේ යුධමය තත්වය හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි බියෙන් ජනතාව ඉන්ධන රැස්කිරීම නිසා එම නිවේදනය නිකුත් කර ඇති බව ද ඉන්ධන පිරවුම්හල්හිමියෝ වැඩි දුරටත් සඳහන් කළහ.
කෙසේ වෙතත් මේ පිළිබඳව ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් කළ විමසුමකදී පැවසුවේ ඛනිජ තෙල් සංස්ථාව එවැනි දැනුම්දීමක් කර නොමැති බවත් එම සංස්ථාවේ අභ්යන්තර නිවේදනයක් කිසියම් පුද්ගලයෙක් පිටකර ඇති බවත්ය.


