දේශීය පුවත්, වාණිජ විත්ති
බහලුම් තදබදයට හේතු කියයි
(ඔගස්ටා පෙරේරා)
කොළඹ වරාය තුළ බහලුම් තදබදය ඉදිරි දින දෙකක් හෝ තුන තුළ සම්පූර්ණයෙන්ම අවසන් කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශ, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (26) පැවසීය.
කොළඹදී අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී සීවලී අරුක්ගොඩ මහතා එසේ පැවසීය.
මෙරට ආනයනික බහදුම් ලැබීමේ ඉහළ යෑමක් පසුගිය සතියේ දැකිය හැකි වූ බවත් සාමාන්‍යයෙන් දිනකට බහලුම් 1200 ක් පමණ ලැබුණ ද පසුගිය සතියේ දිනකට ලැබෙන බහලුම් සංඛ්‍යාව 2400 ක් 2500 ක් දක්වා ඉහළ ගිය බවත් ඒ මහතා කීය.
රේගුව සතුව දිනකකට බහලුම් 1200 ක් හෝ 1500 ක් පවමණක් නිදහස් කිරීමට පහසුකම් ඇති බව කී අරුක්ගොඩ මහතා එම ප්‍රමාණය බහලුම් 1500 ඉක්මවූ වාහාම තදබදයක් ඇති බව බව ද සඳහන් කළේය.
වාහන ආයනය ඉහළ යෑම සහ රජය ලුණු ආනයනයට අවසරදීමත් සමඟ ලුණු බහලුම් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බව ද කී අරුක්ගොඩ මහතා එම බහලුම් නිෂ්කාශනය කිරීමේදී ප්‍රමාදයක් ඇති වූ බව ද ඒ මහතා කීය.


