ශ්‍රී ලංකාව ලකුණු 43 ක් ඉදිරියෙන්

(ෂෙවෝන් ප්‍රනාන්දු, එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ සිට..) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (26) පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 290 ක් රැස්කර ප්‍රබල තත්වයක පසුවිය. ඒ අනුව ශ්‍රී ලංකා පිල කඩුලු 8 ක් අතැතිව ලකුණු 43 ක් පෙරමුණේ සිටියේය. තරගයේ දෙවැනි දිනය වූ අද පස්වරුවේ අයහපත් ආලෝක තත්වය හේතුවෙන් ක්‍රීඩාව අවසන් කරන විට පැතුම් නිස්සංක (නොදැවී 146) සහ ප්‍රභාත් ජයසූරිය (නොදැවී 5) පන්දුවට පහර දෙමින් සිටියහ. පැතුම් නිස්සංක පන්දු 238 කදී හතරේ පහර 18 ක් සමගින් නොදැවී ලකුණු 146 ක් රැස්කළ අතර මෙය පැතුම්ගේ සිව්වැනි ටෙස්ට් ශතකයයි. දිනේෂ් චන්දිමාල් පන්දු 153 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 93 ක් රැස්කර සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. පළමු දිනය වූ ඊයේ ක්‍රීඩාව අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 220 ක් රැස්කර සිටි බංග්ලාදේශ පළමු ඉනිම අද පෙරවරුවේ ලකුණු 247 කට සීමාවිය. හෙට (27) තරගයේ තෙවැනි දිනයයි. ලකුණු පුවරුව බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 79.3 කදී සියලු දෙනා දැවී 247 (ශද්මාන් ස්ලාම් 46, මොමිනුල් හක් 21, මුෂ්ෆිකුර් රහීම් 35, ලින්ටන් දාස් 34, මෙහෙදි හසන් මිරාෂ් 31, නයීම් හසන් 25, තයිජුල් ස්ලාම් 33, අසිත ප්‍රනාන්දු 51/3, විශ්ව ප්‍රනාන්දු 45/2, සොනාල් දිනූෂ 22/3) ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 78 කදී කඩුලු 2 ට 290 (පැතුම් නිස්සංක නොදැවී 146, ළහිරු උදාර 40, දිනේෂ් චන්දිමාල් 93)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.