බල්තසාර් සභාව කල්තබා විනාඩි 10 නිකම්ම ඉදලා

(සාලිය සමන්) කොළඹ මහ නගර සභාවේ දැන් පැවැත්වෙන මංගල මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රය නීත්‍යානුකූල නොවන බව විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වාදීමෙන් පසුව එම රැස්වීම විනාඩි 10 ක් කල්තැබූ නගරාධිපතිනි වුායි කැලි බල්තසාර් මහත්මිය විනාඩි දහය නිකන්ම ගතකර නැවත අසුනේ වාඩි වූ බවට විපක්‍ෂයේ මන්ත්‍රීවරු චෝදනා කළහ. මහ නගර සභා අඥා පනතට අනුව මහා සභා රැස්වීමේ න්‍යායාය පත්‍රය දින 4කට පෙර සභිකයන් යොමු කළ යුතු වුවද මෙම මහ සභා රැස්වීමේ න්‍යාය පත්‍රය රැස්වීම ආරම්භ වීමට සුළු මොහොතකට පෙර සභිකයන් වෙත ලැබුණු බව සමග ජන බලවේගයේ නාගරිකක මන්ත්‍රී රෝයි බෝගහවත්ත මහතා විරෝධය දැක්වීය. එය වැරැද්දක්ද නොවේද යන්න පිළිබඳව බෝගාවත්ත මහතා නගරාධිපතිවරියගෙන් සහ කොළඹ මහ නගර සභාවේ කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගෙන් විවෘත සභාවේදී විමසා සිටියේය. ඒ අනුව නගරාධිපතිනිය සහ නාගරික කොමසාරිස්වරයා එය වැරැද්දක් බවත් මින් ඉදිරියට එවැනි වැරැද්දක් නොවීමට වගබලා ගන්නා බවත් විවෘත සභාවේදී ප්‍රකාශ කළහ. ඉන්පසුව නැගී සිටි සමග ජන බලවේගයේ නාගරික මන්ත්‍රී මහේන්ද්‍ර සිල්වා මහතා මෙවැනි නීති විරෝධී න්‍යාය පත්‍රයකට අනුව ස්ථාවර කාරක සභා පත්කළ හොත් එම කමිටි නීති විරෝධී ඒවා වන බවත් ප්‍රකාශ කළේය. ඒ අනුව සභාව කල්තබා වෙනත් දිනයක සභාව කැඳවන ලෙස මහේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් යෝජනා කළේය. ඒ අනුව නැගී සිටි උප නාගරාධිපති හේමන්ත කුමාර මහතා පැවසුවේ සභාව විනාඩි දහයක් හෝ පහළොවක් කල් තබා නැවත ආරම්භ කළ හැකි බවයි. එම යෝජනාව අනුව ක්‍රියාත්මක වූ නගරාධිපතිනි කැලී බල්තසාර් මහත්මිය සභාව විනාඩි දහයක් කල් තබන බව පවසා පිටව ගියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.