ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි20 තරගාවලිය ඇරඹේ

(ෂෙවෝන් ප්‍රනාන්දු, පල්ළෙකැලේ සිට..) දසුන් ශානක සහ චාමික කරුණාරත්න අංක 6 සහ 7 පිතිකරුවන් ලෙස බංග්ලාදේශයට එරෙහිව හෙට (10) පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේදී ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා පිලේ නායක චරිත් අසලංක අද (9) පැවසීය. මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්කර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (9) පැවැති මාධ්‍ය හමුවේදී චරිත් අසලංක එසේ පැවසීය. ශ්‍රී ලංකා පිල සතුව සිටින ප්‍රවේගකාරීම පිතිකරු දසුන් ශානක වීම නිසා අවස්ථානුකූලව ඔහු පන්දුවට පහර දෙන ස්ථානය අංක 4 වීමට ද ඉඩ ඇති බව කී චරිත් අසලංක ලෝක කුසලාන තරගාවලියට සූදානම් වන ශ්‍රී ලංකා විස්සයි20 පිල සූදානම් කිරීමට මෙය අවස්ථාවක් බවට පත්ව ඇති බව ද සඳහන් කළේය. මෙම තරගාවලියේ තරග තුන පල්ළෙකැලේ, දඹුල්ල සහ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණ තුනේ පැවැත්වීමෙන් ඉක්මණින් ක්‍රීඩාංගන වෙනසට හුරුවීමෙන් ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමට හොඳ අවස්ථාවක් බව ද අසලංක වැඩි දුරටත් කීය. මෙම තරගාවලියේ දෙවැනි තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ මස 13 වැනිදා ද, තෙවැනි සහ අවසන් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මේ මස 16 වැනිදා ද, පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.