දේශීය පුවත්, ප්‍රධාන පුවත, වාණිජ විත්ති
ඉන්ධන වර්ග 4 ක මිල ඉහළ යයි
(ඔගස්ටා පෙරේරා)
ඔක්ටේන් 92 පෙට්‍රල් මිල හැර සෙසු ඉන්ධන වර්ග හතරේම මිල ඉහළ දැවීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (5) රාත්‍රී පැවසීය.
ඒ අනුව ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 2 කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල 5 කින් ඉහළ දැමූ බවත් නව මිල අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් එම සංස්ථාව සදහන් කළේය.
මෙම මිල සංශෝධනයට අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 279 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 340 ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල 323 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 182 ක් බවත් එම සංස්ථාව සඳහන් කළේය.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 294 ක තවදුරටත් පවතින බව බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් කීය.


