ක්‍රීඩා, දේශීය පුවත්
ශ්‍රී ලංකා ‘සුපිරි අට’ වටයට
ශ්‍රී ලංකා පිල විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලබාගැනීමට අද (16) සමත් විය.
ශ්‍රී ලංකා පිල මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (16) රාත්‍රී පැවැති පළමු වටයේ 30 වැනි තරගයේදී ප්‍රබල ඕස්ටේ්‍රලියානු පිල කඩුලු 8 කින් පරාජය කරමින් පිට පිටම තෙවැනි ජය ලැබීය.
ශ්‍රී ලංකාව එම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු 6 ක් හිමිකරගනිමින් තරගයක් ඉතිරිව තිබියදී ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලැබීම කැපී පෙනේ.
ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 182 ක ඉලක්කය ඕවර 18 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
පැතුම් නිස්සංක අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 52 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 100 ක් රැස්කිරීමට සමත් විය. මෙය පැතුම් නිස්සංකගේ දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ශතකය ද වේ.
පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ්‍රලියානු ආරම්භක පිතිකරුවන් වූ මිචෙල් මාෂ් (54) සහ ට්‍රැවිස් හෙඩ් (56) පන්දු 51 කින් ලකුණු 104 ක සම්බන්ධතාවක් පැවැත්වුවද සෙසු පිතිකරුවෝ එම වේගය පවත්වාගෙන යෑමට අපොහොසත් වූහ.
දුෂාන් හේමන්ත විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඕස්ටේ්‍රලියානු ප්‍රබලතම පිතිකරුවන් වන මිචෙල් මාෂ් (54), ට්‍රැවිස් හෙඩ් (56) සහ ග්ලෙන් මැක්ස්වෙල් (22) දවාගනිමින් ලකුණු 37 කට කඩුලු 3 ක් දවාගත්තේය.
ඕස්ටේ්‍රලියාව ඕවර 20 කදී සියලු දෙනා දැවී 181
(මිචෙල් මාෂ් 54, ට්‍රැවිස් හෙඩ් 56, ජොෂ් ඉංග්ලිස් 27, ග්ලෙන් මැක්ස්වෙල් 22, දුෂ්මන්ත චමීර 36/2, දුෂාන් හේමන්ත 37/3)
ශ්‍රී ලංකාව ඕවර 18 කදී කඩුලු 2 ට 184
(පැතුම් නිස්සංක නොදැවී 100, කුසල් මෙන්ඩිස් 51, පවන් රත්නායක නොදැවී 28, මාකස් ස්ටොයිනිස් 46/2)


