ලාෆ් ගෑස් හිඟයට හේතුව රෙගුලාසිලු

(ඔගස්ටා පෙරේරා) ලාෆ් ගෑස් හිඟයට ප්‍රධාන හේතුව හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි ලාෆ්ස් ගෑස් සමාගමේ එල්.පී. ගෑස් ආනයන අපනයන ගබඩා පර්යන්තයට දේශීය එල්.පී. ගෑස් සැපයුම වෙනුවෙන් බලපා ඇති රෙගුලාසිමය සීමාවන් බව ලාෆ්ස් ගෑස් සමාගම අද (19) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. එම ගබඩා පර්යන්තය දේශීය මෙහෙයුම් සඳහා කඩිනමින් නිදහස් ගැනීමට අවශ්‍ය නිතිමය කටයුතු සඳහා අදාල බලධාරීන් සමග නිරන්තර සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් සිටින බව ද එම සමාගම කියයි. දේශීය ගෘහස්ථ එල්.පී. ගෑස් ඉල්ලුම සපුරාලීමට ජාතයන්තර සැපයුම්කරුවන්ගෙන් සෘජුවම එල්.පී. ගෑස් කොළඹ වරාය හරහා ලබාගැනීමේ කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව කියන ලාෆ්ස් ගෑස් සමාගම එම ගෑස් තොග කොළඹ වරායට ලැබුණු වහාම සිලින්ඩර්ගත කර ඒවා කඩිනමින් රටපුරා අඛණ්ඩව බෙදාහැරීමට මෙහෙයුම් සැළසුම් කර ඇති බව ද වැඩි දුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.