දේශීය පුවත්
නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විදුහල්පතිනිය ගැන පැමිණිල්ලක්
නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විදුහලේ පෙරදිග ශිෂ්යභට තූර්ය වාදන කණ්ඩායමේ සිසුවියකට හිමිවියයුතු ඊළඟ නිලයට සුදුසුකම් ලබාගැනීමේ පරීක්ෂණයට සහභාගිවීමට අනුමැතිය නොදීමෙන් එම සිසුවියගේ මානව හිමිකම් කඩවී ඇතැයි ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.
එම පාසලෙන් අදාල නිලයට උසස්වීමට සුදුසුකම් ලැබූ එකම සිසුවිය ඇය නිසා මෙලෙස අනුමැතිය නොදීම පැහැදිළිවම මානව හිමිකම් කඩවීමක් ලෙස එම පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන්ව ඇති බව ද වාර්තා වේ.
එම විද්යාලයේ අභ්යන්තර තොරතුරුවලට අනුව මෙය පුහුණුකරුගේ අවශ්යතාවය මත සිදුවුවක් බවත් අදාල පුහුණුකරුගේ ක්රියාකළාපය හේතුවෙන් පෙරදිග ශිෂ්යභට තූර්යවාදන කණ්ඩායමේ තවත් සාමාජිකාවන් පාසල හැරගොස් ඇති බවත් තතුදන්නෝ පවසති.
අදාල පුහුණුකරු පසුගිය නිවාසාන්තර ක්රීඩා උළෙලේදී වෙනත් පාසලක සිසුවියන් යොදවාගෙන පාසල් ශිෂ්යභට කණ්ඩායම ලෙස ප්රදර්ශනය කර සියල්ලන්ම නොමඟ යැවීමට කටයුතු කළ බව ද පැවසේ.


