දේශීය පුවත්, ප්‍රධාන පුවත, වාණිජ විත්ති
ලාෆ් ගෑස් මිල ඉහළ දමයි
(ඔගස්ටා පෙරේරා)
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමූ බව ලාෆ් සමාගම ඊයේ (11) රාත්‍රී නිවේදනය කළේය.
මෙම මිල ඉහළ දැමීමත් සමග ලිට්‍රෝ ගෑස් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිලට (රුපියල් 3,990) වඩා ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 640 ක් වැඩිය.
ඒ අනුව ලාෆ් කිලෝග්‍රැම් 12.5 සිලින්ඩරයක මිල 300 කින් සහ කිලෝග්‍රැම් 5 ගෑස් ලින්ඩරයක මිල රුපියල් 120 කින් ඉහළ දැමූ බවත් ලාෆ් කිලෝග්‍රැම් 12.5 සිලින්ඩරයක නව මිල 4,630 ක් සහ කිලෝග්‍රැම් 5 ගෑස් ලින්ඩරයක නව මිල රුපියල් 1,862 ක් බවත් එම සමාගම කීය.
ලාෆ් ගෑස් නව මිල ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවද එම සමාගම කීය.


