(සාලිය සමන්)
පානදුර ප්‍රදේශයේ ළමා හා මාතෘ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකු පානදුර, සිරිල් ජෑන්ස් මාවතේ නිවසක සවිකර තිබූ සීසීටීවී කැමරාවකට ගිනි තැබීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැරි බව පානදුර දකුණ පොලිසියේ උසස් නිලධාරියකු අද (23) පැවසීය.
හානියට පත් නිවසේ හිමිකරු වන බැංකු විධායක නිලධාරියා සිය නිවසට අසල්වැසි නිවසේ පදිංචි වෛද්‍යවරයකු පසුගිය 9 වැනිදා ගිනි තබා ඇති බවට කළ පැමිණිල්ලකට අනුව වෛද්‍යවරයා පොලිසියට කැඳවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසුව පොලිස් ඇප මත මුදා හැරී බවත් පානදුර දකුණ පොලිසියේ එම උසස් නිලධාරියෙක් කීය.
අදාල සැකකාර වෛද්‍යවරයා නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරාවලට ගිනි තැබීමත් සමග නිවසට ද ගිනි ඇවිලී ඇති බවත් මෙම ගිනි තැබීමෙන් නිවසට ද හානි වී ඇති බවත් හානියට පත් නිවසේ හිමිකරු කළ පැමිණිල්ලේ සඳහන්ව ඇති බව එම උසස් නිලධාරියා සඳහන් කළේය.
අදාළ සිද්ධිය පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව කරන බව සඳහන් කළ එම උසස් පොලිස් නිලධාරියා පානදුර දකුණ පොලිසියේ එම උසස් නිලධාරියා අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමට නියමිත බව ද වැඩිදුරටත් කීය.
සැකකාර වෛද්‍යවරයා සීසීටීවී කැමරාවට ගිනි තබා පසුව නිවසට ද ගිනි තැබීමට සැලසුම් කර ඇති බවත් මෙම ගිනි තැබීමෙන් නිවසට ද හානි සිදුවී ඇති බවත් අදාළ නිවසේ හිමිකරු වන බැංකු නිලධාරියා පානදුර දකුණු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
අදාළ වෛද්‍යවරයා පන්දමක් වැනි දෙයකින් පෙට්‍රල් ද භාවිතා කරමින් නිවසට ගිනි තබන ආකාරය සීසීටීවී කැමරාවල සඳහන්ව ඇති බව ද පැමිණිලිකරු පොලිස් පැමිණිල්ලේ සඳහන් කර තිබේ.


