සලේගේ බිරිඳගෙන් ශානිට ලිපියක්


(සාලිය සමන්)
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා දිනපතා  හමුවීමට ඔහුගේ නීතිඥවරයාට අවසර ලබා දෙන්නැයි ඉල්ලමින් ඒ මහතාගේ බිරිඳ මනෝරි සලේ මහත්මිය  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතාට ලිපියක් යොමු කර තිබේ.
සුරේෂ් සලේ මහතා පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණවලට අදාළව පොලිසියේ රඳවා ප්‍රශ්න කරන අතරතුර ජාතික රෝහලට ඇතුළත් කර මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටියි.
පසුගිය ජුනි 11 වැනි දින සලේ මහතාගේ නීතිඥවරයා කළ ඉල්ලීමට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බැවින් අදාල ඉල්ලීම යළි කරන බව ද මනෝරි සලේ  මහත්මිය අද (12) දින යොමු කළ  ලිපියේ සඳහන් වේ.
විමර්ශනය නිලධාරීන් සඳහන් කරන ආකාරයට  නීතිඥවරයා බදාදා දින පමණක් සලේ මහතා හමුවීම ප්‍රමාණවත් නොවන බවත්
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිය සැමියා වන සුරේෂ් සලේ මහතා  දිතිපතා හමුවීමට ඔහුගේ නීතිඥවරයාට පහසුකම් සලසන ලෙස ඉල්ලා සිටින බවත් එම ලිපියේ සඳහන් වේ.

සිය සැමියාගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය තත්වය වේගයෙන් පිරිහෙමින් පවතින බැවින් නීතිඥවරයා හමුවීම ප්‍රමාද නොකරන ලෙස ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍ය වෘත්තිකයන් පැවසූ බවත් ඔහුගේ සෞඛ්‍ය තත්වය ලබන බදාදා වන විට තවදුරටත් අයහපත් වුවහොත් නීති නියෝජිතයන් සමඟ ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමේ  හැකියාව නොමැති බවත් ඇය එම ලිපියේ සඳහන් කර තිබේ.

සෞඛ්‍ය පිරිහීමේ අවදානම හේතුවෙන් නීතිඥවරයාට  දිනපතා අවම වශයෙන් විනාඩි පහළොවක්වත් සිය සැමියා හමුවීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටින බව ද මනෝරි සලේ මහත්මිය එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.