එංගලන්ත ක්‍රීඩිකාවෝ ලකුණු 87කින් ශ්‍රී ලංකා පරදවති


(විරාන් පෙරේරා,  බර්මින්හැම් සිට.. )
අන්තර්ජාතික ක්‍රිකට් සභාව මෙහෙයවන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2026 ආරම්භ කරමින් බර්මින්හැම්හිදී අද (12) පැවැති පළමු තරගයේදී සත්කාර එංගලන්ත කාන්තා පිල ලකුණු 87 කින් ශ්‍රී ලංකා කාන්තා පිල පරාජය කළේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 220 ක දැවැන්ත ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 අවසන් වන විට ලකුණු 132කට සීමා විය.
නිලක්ෂි සිල්වා පන්දු 32 කින් ලකුණු 39 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභනීය බවට පත් වූවාය.
පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 219 ක් රැස්කිරීමට සම⁣ත් වූහ.
ඩැනී වයට් හෝඩ්ජ් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 62 කින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 105 ක් රැස්කරමින් එංගලන්ත පිල ප්‍රබල තත්වයකට ගෙන ඒමට සමත් වූවාය.
ලකුණු පුවරුව
එංගලන්ත කාන්තා පිල ඕවර 20 කදී කඩුලු 1 ට 219
(අමී ජෝන්ස් 53, ඩැනී වයට් හෝඩ්ජ් නොදැවී 105, නැට් ස්කයිවර් බ්‍රන්ට් නොදැවී 46, මල්කි මදාරා 51/1)
ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 20 කදී කඩුලු 9 ට 132
(හර්ෂිතා සමරවික්‍රම 29, හංසිමා කරුණාරත්න 11,  කවීෂා දිල්හාරි 19, නිලක්‍ෂි සිල්වා 39, ෆීයා කෙම්ප් 22/4)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.