කොදෙව්වෝ 2-1 කින් ශ්‍රී ලංකාව පරදවති

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සංචාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලැබීමට අද (15) සමත් වූහ.
කිංග්ස්ටන්හිදී අද (15) පැවැති තෙවැනි සහ අවසන් විස්සයි20 තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 5 කින් ජය ලබමින් තරගාවලියේ ජය ලැබීය.
ෂෙර්ෆාන් රුතර්ෆෝඩ් පන්දු 40 කින් හතරේ පහර 3 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 54 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය උදුරාගැනීමට සමත් විය.
කොදෙව් පිල ලකුණු 53 කට කඩුලු 4 ක් දැවී අවදානම් තත්වයකට පත්ව සිටියදී රොව්මන් පවෙල් (33) සහ ෂෙර්ෆාන් රුතර්ෆෝඩ් පස්වැනි කඩුල්ලට ලකුණු 81 ක සම්බන්ධතාවක් පවත්වමින් ප්‍රබල තත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ පන්දු 28 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 43 ක් රැස්කළේය.
ශාමර් ජෝශප් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 33 කට කඩුලු 5 ක් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම අඩපණ කළේය. ශාමර් ජෝශප් තරගාවලියේ වීරයා සහ තරගයේ වීරයා සම්මාන ලැබීය.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී සියලු දෙනා දැවී 169
(පැතුම් නිස්සංක 26, කමිල් මිෂාර 28, කමිඳු මෙන්ඩිස් 20, දසුන් ශානක 16, දුනිත් වෙල්ලාලගේ 43, වනිඳු හසරංග 21, ශාමර් ජෝශප් 33/5)
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 19.4 කදී කඩුලු 5 ට 170
(බ්‍රෙන්ඩන් කිං 16, ශිම්රොන් හෙට්මයර් 32, රොව්මන් පවෙල් 33, ෂෙර්ෆාන් රුතර්ෆෝඩ් නොදැවී 54, ජේසන් හෝල්ඩර් නොදැවී 21, දුනිත් වෙල්ලාලගේ 23/1, දුෂ්මන්ත චමීර 64/1, මහීෂ් තීක්‍ෂණ 26/1, වනිඳු හසරංග 17/2) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.