ඉන්දීය ක්‍රිකට් පිල අගොස්තුවේ එයි


(ෂෙවෝන් ප්‍රනාන්දු)
ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියකට සහභාගිවීම සඳහා ලබන අගොස්තු මස ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.  
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අගොස්තු මස 15 වැනිදා ආරම්භවීමට නියමිත අතර දෙවැනි ටෙස්ට් තරගය එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අගෝස්තු මස 23 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.  
මෙම ටෙස්ට් තරග දෙක අයිසීසී ටෙස්ට් ශූරතාවලියට (2025-2027) ඇතුළත් වේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.