(ඔගස්ටා පෙරේරා)
පෙට්රල් මිල පහත දැමූ බවත් නව මිල අද (30) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 15 කින් සහ ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 20 කින් අඩුකළ බවත් එම අඩු කිරීමත් සමග ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 399 ක් සහ ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 475 ක් බවත් එම සංස්ථාව කීය.
සෙසු ඉන්ධනයන් වන ලංකා සුදු ඩීසල්, සුපිරි ඩීසල් සහ භූමිතෙල් මිල වෙනස් නොවන බව ද එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.


