(ෂෙවෝන් ප්රනාන්දු, ඩුබායි ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ සිට..)
ශ්රී ලංකා කාන්තා ක්රිකට් පිල ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (11) රාත්රී සමත් විය.
ආසන්නතම ශූරියන් වන ශ්රී ලංකා කාන්තා ක්රිකට් පිල ආසියානු කුසලාන විස්සයි20 ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිට පිටම සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාව මෙය වේ.
ඩුබායි ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී අද රාත්රී පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්රී ලංකා ක්රීඩකාවෝ කඩුලු හතරකින් පාකිස්තානු කාන්තා ක්රිකට් පිල පරාජය කිරීමට සමත් වූහ.
හර්ෂිතා සමරවීක්රම (36) සහ කවිෂා දිල්හාරී (33) පස්වැනි කඩුල්ලට ලකුණු 67ක අනගි සම්බන්ධතාවයක් පවත්වමින් ශ්රී ලංකා පිලට ජයග්රහණය දක්වා ඒමට ශක්තිමත් අඩිතාලමක් දැමීමට සමත් වූහ.
හර්ෂිතා සමරවික්රම පිට පිටම දෙවැනි තරගයේදීත් ශ්රී ලංකා පිලේ ගැලවුම්කාරිය බවට පත්වෙමින් පන්දු 31 කින් හතරේ පහර දෙකක් සමගින් ලකුණු 36 ක් රැස්කිරීමට සමත් වූවාය.
කවීෂා දිල්හාරී පන්දු 33 කින් හතරේ පහර හතරක් සමගින් ලකුණු 33 ක් රැස්කිරීමට සමත් වූවාය.
ශ්රී ලංකා පිල හත්වැනි ඕවරයේ දෙවැනි පන්දුව වන විට ලකුණු 33 කට කඩුලු හතරක් දැවී අසීරු තත්වයකට පත්ව සිටියේය.
පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු පිල 16 වැනි ඕවරය අවසන් වන විට කඩුලු පහක් දැවී ලකුණු 92 ක් රැස්කර සිටි අතර නායිකා ෆාතීමා සනා (නොදැවී 47) සහ ටිබා හසන් (නොදැවී 12) හයවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 38 ක සම්බන්ධතාවය හේතුවෙන් ලකුණු 130 ක් දක්වා ඒමට අවස්ථාව උදාවිය.
චමරි අතපත්තු (24/2) සහ චමුදි ප්රබෝධා (25/2) කඩුලු දෙක බැගින් දවාගනිමින් පාකිස්තානු පිතිකාරියන් පාලනය කිරීමට සමත් වූහ.
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහා තරගය ඩුබායි ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී අනිද්දා (13) පැවැත්වීමට නියමිතය.
පාකිස්තානු කාන්තා ක්රිකට් පිල ඕවර 20 කදී කඩුලු 5 ට 130
(ශවාල් ෂුල්ෆිකාර් 24, ගුල් ෆෙරෝසා 21, ෆාතීමා සනා නොදැවී 47, ටිබා හසන් නොදැවී 12, සුගන්ධිකා කුමාරි 20/1, චමරි අතපත්තු 24/2, චමුදි ප්රබෝධා 25/2)
ශ්රී ලංකා කාන්තා ක්රිකට් පිල ඕවර 18.4 කදී කඩුලු 6 ට 134
(ඉමේෂා දුලානි 22, හර්ෂිතා සමරවික්රම 36, කවීෂා දිල්හාරි 33, නිලක්ෂිකා සිල්වා නොදැවී 18, කෞෂිනී නිත්යාංගනා නොදැවී 10, ෆාතිමා සනා 38/4)


