(ෂෙවෝන් ප්රනාන්දු)
ශ්රී ලංකා ක්රීඩකයෝ එංගලන්තයට එරෙහිව දැන් පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ජාත්යන්තර ක්රිකට් තරගාවලිය 1-1 ලෙස සමකිරීමට අද (25) සමත් වූහ.
ශ්රී ලංකා ක්රිකට් පිල ලීඩ්ස්හිදී අද (25) අළුයම අවසන් වූ දෙවැනි එක්දින තරගයේදී සත්කාරක එංගලන්ත පිල ලකුණු 16 කින් පරාජය කිරීමට සමත් විය.
ජයග්රහණය සඳහා ලකුණු 322 ක ඉලක්කය හඹාගිය එංගලන්ත පිලට ඕවර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කළ හැකි වූයේේ ලකුණු 305 ක් පමණි.
පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා පිල වෙනුවෙන් පන්දු 100 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 121 ක් රැස්කළ නායක කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
කුසල් මෙන්ඩිස් ලකුණු 17ක් ලබාසිටියදී ගුස් ඇට්කින්සන් අතහැරී පහසු උඩ පන්දුව එංගලන්ත පරාජයට පාර කැපීය.
ශ්රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 6 ට 321
(පැතුම් නිස්සංක 25, කමිඳු මෙන්ඩිස් 54, කුසල් මෙන්ඩිස් 121, පවන් රත්නායක 48, ජනිත් ලියනගේ 32, දුනිත් වෙල්ලාලගේ නොදැවී 16, ගුස් ඇට්කින්සන් 55/2, රෙහාන් අහමඩ් 48/2)
එංගලන්ත පිල ඕවර 50 යේදී කඩුලු 9 ට 305
(ටොම් බැන්ටන් 73, බෙන් ඩුකෙට් 67, ජෝස් බට්ලර් 69, විල් ජැක්ස් 52, ඩිලශාන් මධුශංක 54/2, ඒෂාන් මාලිංග 50/2, දුනිත් වෙල්ලාලගේ 49/3)


