(ඔගස්ටා පෙරේරා)
ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම යෝජනා කළ දිනකට පැයක විදුලි කප්පාදුව සදහා ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය දුන් බව එම කොමිසමේ ආයතනික සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
ඒ අනුව විදුලි ඉල්ලුම කළමණාකරනය සදහා දිවයිනේ කලාප 4ක් සදහා පස්වරු 4.30ත් පස්වරු 9.00ත් අතර කාලය තුලදී එක් එක් කලාපයට පැයක කාලය බැගින් විදුලි කප්පාදු කරන බවත් මෙම විදුලි කප්පාදුව අද (19) සිට අනිද්දා (21) දක්වා ක්රියාත්මක කරන බවත් හීරත් මහතා සඳහන් කළේය.


