ජීවන බර ජනවාරියේ තවත් වැඩිවෙලා


(සාලිය සමන්)


මෙරට උද්ධමනය පසුගිය ජනවාරි මස සියයට 6.5 දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (21) නිකුත් කළ මාසික පාරිභෝගික උද්ධමන ප්‍රකාශයේ සඳහන් වේ.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස ලක්‍ෂ්‍යමය උද්ධමනය සියයට 6.5 ක් බවත් පසුගිය දෙසැම්බර් මාසයේ සියයට 4.2 ක් වූ උද්ධමනය ජනවාරි මාසයේ සියයට 6.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
දෙසැම්බර් මාසයේදී සියයට 1.6 ක් වූ ආහාරමය කාණ්ඩයේ උද්ධමනය ජනවාරි මාසයේදී 4.1 ක් දක්වා ද, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජනවාරි මාසයේ සියයට 8.5 ක් දක්වා ද, ඉහළ ගොස් ඇති බවත් එම ප්‍රකාශයේ සඳහන් වේ.
ආණ්ඩුව එකතු කළ අගය මත බද්ද ඉහළ දැමීම ජනවාරි මස උද්ධමන ඉහළ යෑමට හේතු වී ඇති බව ආර්ථික විශේෂඥායෝ පවසති. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.