‘
(සාලිය සමන්)
‘ශ්රී ලංකාව ඉන්දියවේ කොටසක්’ යැයි අමාත්ය හරීන් ප්රනාන්දු මහතා සංචාරක අමාත්යවරයා ලෙස ඉන්දියාවේ රාජ්යතාන්ත්රික කටයුත්තක් අතරතුරදී කළ ප්රකාශයට විරෝධය දක්වමින් එට්කා එපා ජාතික එකමුතුවේ සාමාජිකයන් පිරිසක් කොල්ලුපිටියේ ඉඩම් සහ සංචාරක අමාත්යංශය අසළ අද (20) විරෝධතාවක නිරත වූහ.
එහිදී එම නියෝජිතයන් පැවසුවේ රටේ ස්වෛරීත්වයට දැඩි බලපෑමක් වන ප්රකාශයක් කළ හරීන් ප්රනාන්දු මහතා වාහාම ඇමති ධුරයෙන් ඉවත් කළ යුතු බවත් ආණ්ඩුව ඉන්දියාවට රාජ්ය සම්පත් විකිණීම වාහා නැවැත්විය යුතු බවත්ය.
කටුනායක ගුවන්තොටුපළ විකිණීමේ ගණුදෙනුවෙන් ඩොලර් මිලියන කීයක කොමිස් මුදලක් ලැබෙන්නේද යන ප්රශ්නය විරෝධතාකරුවෝ එහිදී බලධාරීන්ට ඉදිරිපත් කළහ.


