ශ්‍රී ලංකාව විස්සයි20 තරගාවලිය 2-1 කින් ජයගනී


(ෂෙනික ගමගේ, රංගිරි දඹුල්ල  ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සිට..)


ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (21) රාත්‍රී පැවැති තුන්වැනි සහ අවසන් තරගයෙන් ඇෆ්ගනිස්තාන්  පිල ලකුණු 3 ක තියුණු ජයක් ලැබීය.
ශ්‍රී ලංකා පිල විස්සයි20 තරගාවලිය ද 2-1  ක් ලෙස ජය ලැබීය.
ලකුණු 210 ක ජයග්‍රාහි ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිලට ඕවර 20 අවසානයේ කඩුලු හයක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 206 ක් පමණි.
කමිදු මෙන්ඩිස් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 39 කදී හතරේ පහර හතක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 65ක් රැස් කළේය.
පැතුම් නිස්සංක පන්දු 30 කින් ලකුණු 60 ක් රැස්කර සිටියදී ආබාධයකට ලක්ව සිටියදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වීම ශ්‍රී ලංකා පිලට දැඩි පාඩුවක් බවට පත්විය.
ඇෆ්ගනිස්තානු පිල ඕවර 20 කදී කඩුලු 5 ට 209
(හෂ්රටුල්ලා ශෂායි 45, රමනුල්ලා ගුර්බාෂ් 70, අස්මතුල්ලා ඔමල්ෂායි, 31, මොහොමඩ් නබී 16, මතීෂ පතිරණ 42/2, අකිල ධනංජය 37/2)
ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 6 ට 206
(පැතුම් නිස්සංක නොදැවී  60,  කුසල් මෙන්ඩිස් 16, සදීර සමරවික්‍රම 23, කමිදු මෙන්ඩිස් නොදැවී 65,  මොහොමඩ් නබි 35/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.