(සාලිය සමන්)
ගෑස් මිල පහළ දැමීම හේතුවෙන් කොත්තුව සහ ෆ්රයිඩ් රයිස් මිල රුපියල් 20 කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
රෝල්ස්, රොටි ඇතුළු කෙටි ආහාරවල මිල ද රුපියල් 10 කින් අඩු කරන බව කියන ආපනශාලා හිමියෝ ප්ලේන්ටී සහ කිරි තේ මිල අඩු නොකරන බව ද සඳහන් කරති.
කෙසේවෙත් කොත්තුව, ෆ්රයිඩ් රයිස් සහ කෙටි ආහාරවලට නිස්චිත මිලක් නොමැති අතර විවිධ ආපනාශාලාවල සහ විවිධ ප්රදේශවල කොත්තුව, ෆ්රයිඩ් රයිස් සහ කෙටි ආහාර විවිධ මිලට අළෙවි කරයි.


