(සාලිය සමන්)
ශ්රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන ජනාධිපතිවරණයට අනිවාර්යෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය අතිබහුතර වැඩි ඡන්දයෙන් සම්මත කළ බව එම පක්ෂයේ ප්රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (29) පස්වරුවේ පැවසීය.
පක්ෂයේ තීරණයට එරෙහි වන සහ පක්ෂයේ සාමාජිකයෙක් පක්ෂයේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් විනය ක්රියාමාර්ග ගතයුතු යැයි යෝජනා සම්මත කළ බව ද කාරියවසම් මහතා කීය.
එම පක්ෂය සළකා බලමින් සිටින අපේක්ෂයන් අතරින් ජයග්රහණය කළ හැකි අපේක්ෂකයා ඉදිරි දින කීපයේදී ප්රසිද්ධ කරන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ වේදිකාවේ සිටි බොහෝ දෙනෙක් ද පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු යැයි ඡන්ද ප්රකාශ කළ බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.


