දුමින්දත් බන්ධනාගාර රෝහලට

(සාලිය සමන්) රන් පැහැය ආලේපකර තිබූ ටී 56 ගිනිඅවිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සහ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා බන්ධනාගාර රෝහලට මාරු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. හිටපු අමාත්‍යවරයා වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු බවට අධිකරණ නියෝගයක් තිබූ බවත් ඒ අනුව ඒ මහතා වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතුයැයි පරීක්ෂා කිරීම සඳහා බන්ධනාගාර රෝහලට යොමු කළ බවත් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ටී 56 ගිනිඅවි සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ මස 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.