රාජ්‍ය ආයතන 33 ක් වාසා දැමීමේ සූදානමක්

(ඔගස්ටා පෙරේරා) ක්‍රියාකාරී නොවන රාජ්‍ය ආයතන 33 ක් ඈවර කර වසා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ජාතික ආර්ථිකයට හෝ රාජ්‍ය සේවා සැපයීමට අර්ථවත් දායකත්වයක් නොදෙන, රාජ්‍යයට බරක් වන ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා සහ සමාගම් වැනි ආයතන තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවට, ඒවා වසා දැමීම සුදුසු බව හඳුනාගෙන ඇති බව එම කැබිනට් තීරණයෙහි සඳහන් වේ. ඒ අනුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලබන විශේෂ ඈවර කිරීමේ ඒකකයක අධීක්ෂණය යටතේ, දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33 ක් අදියර දෙකක් යටතේ විධිමත් ලෙස ඈවර කර වසා දැමීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.