ක්රීඩා
ශ්‍රී ලංකාවට ලකුණු 7 ක තියුණු ජයක්
(ෂෙවෝන් ප්‍රනාන්දු)
සිම්බාබ්වේට එරෙහිව තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් හරාරේහිදී අද (29) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 7 ක තියුණු ජයක් ලැබීය.
ජයග්‍රහණ සඳහා ලකුණු 299 ක ඉලක්කය හඹාගිය සිම්බාබ්වේ පිල ඕර 50 යේදී කඩුලු 8 ක් දැවී ලකුණු 291 ක් රැස් කළේය.
සිම්බාබ්වේ පිල 49 වැනි ඕවරය අවසන් වන විට කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 289 ක් ලබා ජයග්‍රහණයට ලකුණු 10 ක් පමණක් ඈතින් සිටියදී ඩිල්ෂාන් මධුශංඛ 50 වැනි ඕවරයේ පළමු පන්දු තුනේදී කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයට දොරටු විවෘත විය.
සිම්බාබ්වේ පිලේ පළමු කඩුලු දෙක ලකුණු රැස්කිරීමට පෙර බිඳ වැටුණ ද බෙන් කරන් (70) සහ සීන් විලියම්ස් (57) තුන්වැනි කඩුල්ලට ලකුණු 118 ක සම්බන්ධතාවක් පවත්වමින් ප්‍රබල තත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
සීකන්දර් රාසා පන්දු 87 කදී හතරේ පහර 8 ක් සමගින් රැස්කළ ලකුණු 92 ත් සමඟ සිම්බාබ්වේ පිලට ඉලක්කය ආසන්නට ඒමට හැකිවිය.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 161 කට කඩුලු 5 ක් දැවී සිටියදී ජනිත් ලියනගේ (නොදැවී 70) සහ කමිඳු මෙන්ඩිස් (57) හයවැනි කඩුල්ලට ලකුණු 137 ක සම්බන්ධතාවක් පවත්වමින් ප්‍රබල තත්වයකට රැගෙනඒමට සමත් වූහ.
පැතුම් නිස්සංක පන්දු 92 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 76 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්විය.
ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 6 ට 298
(පැතුම් නිස්සංක 76, කුසල් මෙනඩිස් 38, සදීර සමරවික්‍රම 35, ජනිත් ලියනගේ නොදැවී 70, කමිඳු මෙන්ඩිස් 57, රිචඩ් නගරවා 34/2)
සිම්බාබ්වේ පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 291
(බෙන් කරන් 70, සීන් විලියම්ස් 57, සීකන්දර් රාසා 92, ටෝනි මුන්යොන්ගා නොදැවී 43, අසිත ප්‍රනාන්දු 50/3, ඩිල්ෂාන් මධුශංඛ 62/4)


