දුම්රිය වැඩවර්ජනයෙන් කාලසටහන හිස්වෙයි


(මධූෂිකා පෙරේරා)
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති 26ක් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ ආරම්භ කළ වැඩවර්ජන හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙකු ‘ලංකා ඩේ ටු ඩේ’ වෙත පැවසීය. 
එම වැඩ වර්ජනයට දුම්රිය ස්ථානාධිපතිවරු එක්ව සිටීම නිසා දුම්රිය ස්ථානවලින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ද අත්හිටුවා ඇති බවත් මන්දගාමී දුම්රිය රැසක් පෙරවරුවේ ධාවනය නොවූ බවත්     එම නිලධාරියා කීය.
දුම්රිය වෘත්තීය සමති නියෝජිතයකු පැවසුවේ දුම්රිය ස්ථානවලට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල ආරක්ෂාව යොදා ඇති අතර මන්දගාමී දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීම නිසා මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි.
පිට පළාත්වල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන කාර්යාල දුම්රිය රැසක් පෙරවරුවේ ධාවනය කළ ද වැඩවර්ජනය අඛණ්ඩව පැවතුණහොත් එම දුම්රිය නැවත පිට පළාත් දක්වා ධාවනය නොවනු ඇති බව ද එම වෘත්තී සමති නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.