(සාලිය සමන්)
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට සම්බන්ධ යැයි චෝදනා එල්ල වූ විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම්කරමින් කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝගයක් අද (22) පස්වරුවේ නිකුත් කළේය.
2019 පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධියට අදාළව කුමන්ත්රණය කිරීම සහ ඊට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව මේ වනවිට ප්රකාශ කරමින් පවති.
විත්තිකරුවන් 24දෙනා අතුරින් විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කිරීමට විනිසුරු මඩුල්ල පියවර ගත් අතර සෙසු විත්තිකරුවන් නවදෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.
වරදකරුවන් වූ 15දෙනා සම්බන්ධයෙන් වන දඬුවම අද (22) පස්වරුවේ ප්රකාශයට පත්කිරීමට නියමිතය.


