රටටම විදුලිය නෑ


(සාලිය සමන්)
මුළු දිවයිනටම බලපාන පරිදි විදුලිය බිඳවැටීමක් අද (17) පෙරවරුවේ සිදුවූ බවත් විදුලි සැපයුම හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවත් බලශක්තිය අමාත්‍යාංශය පවසයි.
ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් පද්ධතිය කඩිනමින් යථා තත්ත්වයට පත්කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් නැවත දැනුම් දෙන තුරු වහලමත සවිකළ සූර්ය පැනල විසන්ධි කර පද්ධතිය යථාවත් කිරීමට සහයෝගය දෙනමෙන් ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් බලශක්ති අමාත්‍යංශයේ වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.