හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත27 දා දක්වා රිමාන්ඩ් කරයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීමෙන් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා මේ මස 27 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියම කළාය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් කාර්යාලය වහාම මුද්‍රා තැබීමට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාට නියම කළ මහේස්ත්‍රාත්වරිය රහස් පොලිස් නිලධාරීන්ට එම කාර්යාලයේ පරීක්ෂා කර ප්‍රශ්නගත එන්නත් ජාවාරමට අදාල ලේඛන සොයා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියම කළාය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය බව කියමින් හදිසි මිලදීගැනීම යටතේ මෙම ඖෂධ ලබාගෙන ඇති බවත් රාජ්‍ය නිලධාරීන් අතුරින් ඉහළින්ම සිටින මෙම සැකකරුගේ නොසැලකිල්ලට එහා ගිය අපරාධකාරී තත්ත්වයක් මෙම සිද්ධියට අදාළ විමර්ශනවලදී හෙළි වූයේ යැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම මෙනෙවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමට මහේස්ත්‍රාත්වරිය නියම කලාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.