කායවර්ධන උපදේශකට වෙඩි තැබූ වෙඩික්කරු අල්ලයි

කොලොන්නාව උමගිලිය ක්‍රීඩාංගනය අසලදී කායවර්ධන උපදේශක වරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා වන “කොළොන්නාවේ චතු” නැමැත්තා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි වෙඩි තැබීමට යොදා ගත් විදේශීය රටක නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවිය සහ ජීව උන්ඩ හතරක් කොලොන්නාවේ සාලමුල්ල මහජන ක්‍රීඩාංගනය අසල කැලෑවක සඟවා තිබීයදි සැකකරුගේ ප්‍රකාශ මත පොලිසිය මගින් සොයාගෙන ඇත වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුනේ වැල්ලම්පිටිය ශ්‍රී ආනන්දාරාම මාවත පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි මෙම වෙඩි තැබීමේ සිද්ධියට යතුරුපැදිය පැදවූ පුද්ගලයා මීට පෙර පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.