මෙම පෙත්සම අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනුකර විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේදී පෙත්සම්කාර ජෙරම් ප්රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු කිතුණු භක්තිකයකු බැවින් ඉදිරියේ එළඹෙන නත්තල් සමය සැලකිල්ලට ගෙන පෙත්සම අද දින විභාගයට කරන ලෙස ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට විරෝධය පළ කළ ජ්යේෂ්ඨ රජයේ නීතිඥවරයා මෙම පෙත්සම සාමාන්ය ක්රියා පටිපාටිය යටතේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
සිරිපාලට සහ සෝමපාලට අදාළ වන නීතිය දේවගැති ජෙරම් ප්රනාන්දුටද අදාළ විය යුතු බව පෙන්වා දුන් ජ්යෙෂ්ඨ රජයේ නීතිඥවරයා මෙම සැකකරු මාස ගණනාවක් අධිකරණය මඟහැර සිටි පුද්ගලයකු බවත් නීතිය ඉදිරියේ කිසිදු පුද්ගලයෙකුට සුවිශේෂී වරප්රසාද හිමි නොවිය යුතු බවත් සඳහන් කළේය.


