වාණිජ විත්ති
‘වැට්’ නැති වෙළෙඳසැල්
(ෂෙවෝන් ප්‍රනාන්දු)
‘වැට්’ බද්දට හසු නොවන භාණ්ඩ අළෙවි කරන වෙළෙඳසැල් ජාලයක් දිවයින පුරා ඇති කිරීමට උපදෙස් දී ඇති බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
‘වැට්’ බද්දට යටතේ නොවන එළවළු, ළදරු කිරිපිටි, පළතුරු සහ සහල් ආදි භාණ්ඩ පමණක් එම වෙළෙඳසැල් ජාලයේ අළෙවි කරන බව ද ඒ මහතා කීය.


