‘අපේ ජනබල පක්‍ෂයේ’ සභාපති සමන් පෙරේරා නොහොත් ‘රෝයල් බීච් සමන්’ ඇතුළු පුද්ගලයන් පස් දෙනෙක් බෙලිඅත්තේදී පසුගිය 22 වැනිදා වෙඩි තබා ඝාතන කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක් හක්මන පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිවුවැන්නා බවත් ඔහු ඝාතනයෙන් පසුව ඒ සඳහා යොදාගත් ගිනිඅවි ප්‍රවාහන කළ පුද්ගලයා යැයි හදුනාගෙන ඇති බවත් පොලිසිය කියයි.
රත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා ඝාතනය සඳහා යොදාගත් ගිනිඅවි සැගවීම සඳහා ප්‍රවාහනය කර ඇති කී පොලිසිය ඔහු අවස්ථා කීපයකදී බන්ධනාගාර ගතවී ඇති 33 වැනි වියේ පසුවන පුද්ගලයෙක් බව ද සඳහන් කළේය.
සැකකරු අදාල ගිනිඅවි ලබාදුන් පුද්ගලයන් පිළිබඳව වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මක වන බව ද පොලිසිය පැවසීය.
විදේශ රටක සිට මෙරට පාතාලය මෙහෙයවන ප්‍රධානතම පාතාල කල්ලි නායකයෙක් වන ‘කොස්ගොඩ සුජී’ නැමැත්තාගේ කොන්ත්‍රාත්තුවක් මත ඩුබායිවල පැනගොස් සිටින ඌරගහ මයිකල් නැමැත්තා මෙම සමූහ ඝාතනය මෙහෙයවා ඇති බව මේ වන විට අනාවරණය වී ඇති බවත් මෙරට සිට ඝාතනය මෙහෙයවූ බව කියන සමන් කුමාර නැමැත්තා මීට පෙර අත්අඩංගුවට පත්වූ බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
දේශීය පුවත්, ප්රධාන පුවත
බෙලිඅත්තේ පස් පුද්ගල ඝාතනයට 4 ක් අල්ලයි
ෂෙනික ගමගේ


