උද්ධමනය දෙසැම්බර් තවත් ඉහළ යයි

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාස මෙරට උද්ධමනය සියයට 4.2 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (22) පැවසීය.
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය වසරේ නොවැම්බර් මාස උද්ධමනය සියයට 2.8 ක් ලෙස පැවැති බවත් ඒ අනුව සියයට 1.4 කින් ඉහළ ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව කීය.
නොවැම්බර් මාසයේ සියයට -2.2ක් ලෙස පැවති ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 1.6 ක් දක්වා ඉහළගොස් ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.