(ඔගස්ටා පෙරේරා)
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද (29) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා එම අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන විට වැවිලි කර්මාන්ත ධූරය දැරූ අතර පසුව එම ඇමති ධූරය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට හිමිවිය.


